එක දිගට අහුවුණු මත්ද්‍රව්‍ය - දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්
By Shehan
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේදී භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් සොයාගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට ඇති සැකය මත භාරයට ගත් මෙම යාත්‍රාව අද (17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන ආවේය.
යාත්‍රාවේ සිදුකළ සොයාබැලීමේදී මෙම හෙරොයින් තොගය සොයාගන්නා ලද අතර, එහි සිටි පුද්ගලයින් පස්දෙනෙකුද නාවික හමුදාව භාරගෙන ඇත.