ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුම - විමල්ගේ පෙත්සම් දෙකක් නිශ්ප්‍රභ වෙයි

Report

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ මූලික මානව අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මෙම පෙත්සම් අද (17) අග්‍රාමාත්‍යාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

එහිදී නීතිපතිවරයා විසින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් ත්‍රිපුද්ගල මඩුල්ල පෙත්සම් දෙකම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

"කන්ට්‍රක්ශන් වල වැඩ ගන්නේ සල්ලි වෙනුවට අයිස් දීලා" - ඇමති හර්ෂණගේ ආන්දෝලනාත්මක කතා

"කන්ට්‍රක්ශන් වල වැඩ ගන්නේ සල්ලි වෙනුවට අයිස් දීලා" - ඇමති හර්ෂණගේ ආන්දෝලනාත්මක කතා

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්