ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 - 6 ශ්‍රේණිවලට පෙළපොත් නැහැ - මෙන්න අමාත්‍යාංශ තීරණය
ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 සහ 6 ශ්‍රේණි සිසුන් සඳහා පෙළපොත් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ වෙනුවට, මෙම ශ්‍රේණිවල සිසුන්ට ක්‍රියාකාරකම් පොත් සහ මොඩියුලර් ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීමට නියමිත අතර, ඒවා මුද්‍රණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වෙනසින් පාසල් බෑග්වල බරද අඩුවනු ඇති බවද ඔහු තහවුරු කළේය.