ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ජීවිත තර්ජනයක්? පරීක්ෂණ අරඹයි

Report

මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තිබූ ඇයගේ ඡායාරූපයට මල් මාලයක් පැළඳූ අය පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිටත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව සඳහන්.

වාර්තා වූ ආකාරයට වරුණි බෝගහවත්ත මහත්මිය මේ දිනවල අසනීප තත්ත්වයක් නිසා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

කෙසේ වෙතත් වරුණි බෝගහවත්ත මහත්මිය විසින් සිදුකරනු ලබන රාජකාරීමය කටයුතු අතරතුරදී මෙවැනි තර්ජනයක් එල්ල වීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැඩි අවධානය යොමුකරමින් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

පාසල් සිසුවා සිසුවියන් තිදෙනකු නිරුවත් කරලා

පාසල් සිසුවා සිසුවියන් තිදෙනකු නිරුවත් කරලා

හිටපු බන්ධනාගාර නිලධාරියෙකු මිලේච්ඡ විදිහට ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

හිටපු බන්ධනාගාර නිලධාරියෙකු මිලේච්ඡ විදිහට ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට