අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්
අද (17) දින මධ්‍යාහ්න 12 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වෙන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.
මෙසේ කිරීම්න් ඔවුන් ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම බලාපොරොත්තු වන බව සඳහන්.
එමෙන්ම මීට පෙර මෙම කාලසීමාව පැවතුණේ පැය 3කට පෙරදීයි.
කෙසේ වෙතත් ගුවන් තොටුපොළ නිලධාරින් අවධාරණය කරන්නේ ගුවන් මගීන්ට මෙම වෙනසට සූදානම් වන ලෙසයි.