මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ආකාරයට උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ලබන ඔක්තෝබර් මස 31 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව අඳාළ නියෝගය අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් නිකුත් කර ඇත.
එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරි දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කර ඇති බව වාර්තා වේ.