කුඩා දරුවෙකු ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු රෝහල්ගත කළ බිහිසුණු අනතුර..
අද (11) අලුයම 2.45ට පමණ මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාරවිල ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර පොලිසිය පවසන්නේ, මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට ගමන් ගන්නා මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙන බවයි.
අධික වේගයෙන් අතුරු මාර්ගයක් හරහා පැමිණ මෝටර් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් වෑන් රථයේ ගැටී ඇති බවයි පැවසෙන්නේ.
එම අනතුරින් තුවාල ලබා ඇත්තේ හලාවත, පම්බල පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක්. ඔවුන් මඩු දේවස්ථානය බලා යමින් සිටියදී ඊට පෙරාතුව මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ තිබෙන අතර ඒ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් මෝටර් රථයේ රියදුරු අධික ලෙස බීමතින් සිට ඇති බවයි, පොලිසිය පවසන්නේ.
එබැවින් අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
