නිදැල්ලේ ඇවිදින සිංහ ධේනුවක් නිසා නගරයක් හුදකලා වී යයි.

Germany
By krishani Jul 21, 2023 05:11 PM GMT
krishani

krishani

Report

ජර්මනියේ බර්ලින් අගනුවර ආසන්නයේ ඇති බ්‍රැන්ඩන්බර්ග් ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරන සිංහ ධේනුවක් හේතුවෙන් කලබලයට පත් වී තිබෙනවා.

බ්‍රැන්ඩන්බර්ග් ප්‍රාන්තයේ පොලිසිය, දඩයම්කරුවන්, පශු වෛද්‍යවරුන් විසින් හෙලිකොප්ටර් දෙකක් සහ කැමරා මගින් එම සතා අල්ලා ගැනීමට උත්සහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ හේතුවෙන් සුරතල් සතුන් සමගින් නිවෙස්වල රැඳී සිටින ලෙස එරට ජනතාවට දැනුම් දී ඇති අතර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිසිදු සත්වෝද්‍යානයක් හෝ සත්ත්ව සංදර්ශන පවත්වන ස්ථානයකින් සතෙකු අතුරුදහන් වූ බවට තොරතුරු වාර්තා වී නොමැති බවයි.

ReeCha