පැතිර යන භයානක දිලීරයක් - වෙන දේ ගැන වෛද්‍ය විශේෂඥන්ගෙන් අනතුරු ඇඟවීමක්..
සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් ගැන අමෙරිකාවෙන් තොරතුරු වාර්තා වේ.
ඒ Candida auris දිලීර ආසාදනය බවට විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
මෙය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබෙනවා.
නමුත් එලෙස සොයාගෙන තිබුණ ද මාසයක් තුළ දී වොෂින්ටන් හි ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇත.
ඒත් සමග ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇති අතර ඉතා වේගයෙන් ආසාදනය විය හැකි මෙය ඖෂධ ලබාදීම හරහා සුවකිරීම ද අපහසුව තිබෙනවා.
Candida auris ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ඉක්මණින් වැළඳිය හැකි අතර ඔක්සිජන් නළ භාවිත කරන සහ කැතීට භාවිතයට ගනු ලබන රෝගීන්ට ඉතා පහසුවෙන් එම දිලීරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවති.
ඒ බව වෛද්‍ය විශේෂඥන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ශරීරයේ විවෘත තුවාල සහ කන් ආශ්‍රිතව ද මෙම Candida auris ආසාදන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
Sponsored By Sarrita Jewellery
