උසස් පෙළ සිසුවියක් අතුරුදන්...තොරතුරක් දන්නේ නම් දැන්ම අමතන්න.

Report

කිලිනොච්චි විනයාගපුරම් ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අතුරුදන්ව තිබෙනවා.

උපකාරක පන්තියකට සහභාගී වී යලි නිවසට නොපැමිණි බවයි දැරියගේ දෙමව්පියන් කිලිනොච්චි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මුලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ පුවනේශ්වරන් ආති නම් ඇය එදින උපකාරක පන්තියට සහභාගී වී නොමැති අතර, ඇයව මාර්ගයේදී ද කිසිවෙකුටත් හමුවී නොමැති බවයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ 2023 උසස් පෙළ කලා අංශයේ ශිෂ්‍යාවක්.

උසස් පෙළ සිසුවියක් අතුරුදන්...තොරතුරක් දන්නේ නම් දැන්ම අමතන්න. | Call Now If You Know Any Information

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතරම , පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන පියා,

මාසයක් පුරා විවිධ තැන් වල සෙව්වත් දියණිය ගැන කිසිම තොරතුරක් හොයා ගන්න බැරි වුනා.

ඇය පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් හෝ ලංකාවේ කොතැනක හෝ දැක ඇත්නම් වහාම පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද ඇයගේ පියා වැඩිදුරටත් පවසා සිටියා.

0774941522 /  0772144553 (පියා)  

උසස් පෙළ සිසුවියක් අතුරුදන්...තොරතුරක් දන්නේ නම් දැන්ම අමතන්න. | Call Now If You Know Any Information