ගුරු දිනයට ගෙනා කේක් කෑ සිසුන් රෝහලේ..
Sri Lanka
Sri Lankan Schools
By Sewvandhi
ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් 09 දෙනෙකු, ගුරු දිනය සැමරීම වෙනුවෙන් පාසලට ගෙනවිත් තිබූ කේක් වර්ගයක් ආහාරයට ගෙන ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
කේක් ගෙනවිත් ගුරුවරුන්ට ද පිළිගන්වා පසුව ලමුන් ද කේක් අනුභව කර ඇත. පසුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එකිනෙකා අතරකේක් මුහුණේ සහ ඇගෙහි තවරා ගනිමින් විනෝද වෙමින් සිට ඇත.
එහිදී මෙම සිසු සිසුවියන්ට ආසාද්මිකතාවයක් හට ගැනීමෙන් අනතුරුවයි ඔවුන් රෝහල් ගතකර ඇත්තේ. රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ, රෝහල්ගත කර සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
ඌරපොල ප්‍රදේශයේ වෙළඳසැලකින් පාසලේ ශිෂ්‍යාවන් විසින් අදාළ කේක් මිලදී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
