ගාසාව මුළුමනින්ම අත්පත් කරගන්න නෙතන්යාහු ගහපු ප්ලෑන් එකට කැබිනට් අනුමැතිය

Report

ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය මුළුමනින්ම අත්පත් කරගැනීමේ බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ (7) රාත්‍රියේ රැස්ව තිබෙනවා.

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

මෙම රැස්වීමේදී නෙතන්යාහු විසින් ගාසා නගරය සම්පූර්ණ හමුදා පාලනයකට අත්පත් කරගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති බව වාර්තා වේ.

මේ අතර ගාසා භූමියට උතුරින් පිහිටි මෙම ගාසා නගරය හැරෙන්න, ඊශ්‍රායලය මේවන විටත් ගාසා තීරයෙන් 75%ක් පමණ පාලනය කරනු ලබනවා.

එනිසා එහි දේශසීමා රැසක් ඔවුන් විසින් මුද්‍රා තබා ඇති බව සඳහන්.

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

කෙසේ වෙතත් ගාසා තීරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීමට නම්, එහි මිලියන දෙකක ජනගහනයෙන් වැඩි කොටසක් රැකවරණය පතා ඇති විනාශ වී නොමැති ප්‍රදේශවල ද භූමි මෙහෙයුම් දියත් කිරීමට ඊශ්‍රාලයට සිදු වෙන බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායලයේ මෙම තීරණය හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ජීවමාන ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිතවලට අනතුරක් ඇතිවනු ඇති බවට ද තොරතුරු ලැබෙයි.  

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද

පොලිස්පති ධුරයට ජනපති විසින් වැඩබලන පොලිස්පතිගේ නම යෝජනා

පොලිස්පති ධුරයට ජනපති විසින් වැඩබලන පොලිස්පතිගේ නම යෝජනා