පවුලේ විදෙස්ගත වූ කාන්තාවක් සිටී නම් ආයේ බය වෙන්න දෙයක් නෑ - මුළු පවුලම ගොඩ දාන්න රජයෙන් වැඩක්
රැකියා වෙනුවෙන් විදේශගත වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ පවුල්වල දිගුකාලීන අභිවෘද්ධිය සහ තිරසර සංවර්ධනය සඳහා 'විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සඳහා ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශය' නමින් විශේෂ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙසේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට බව වාර්තා වේ.
ඒ අනුව රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ පවුල්වල සිටින වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු වුවත් අඳාළ පවුල්වල තිරසර සංවර්ධනය පිළිබඳව මෙතෙක් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බව රජය නිරීක්ෂණය කර ඇත.
මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ