ගම්වලට සතුටු හිතෙන ආරංචියක් - මහවැලියෙන් උදව් දෙන්න අනුමැතිය

By Kaushi Feb 03, 2026 10:06 AM GMT
Report

ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විවිධ ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘතිවල තිරසරභාවය තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ සහිතව 2014 වර්ෂයේදී ආරම්භ කර තිබෙන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් 2019/2020 හා 2021 වර්ෂයන්හිදී ' ප්‍රජා ජල අභිමානී' වැඩසටහන යටතේ නව ප්‍රජා ජල ව්‍යාපෘති 367 ක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය නිසා ඒ අතරින් වැඩ නිම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 175 ක් තව දුරටත් ක්‍රියාත්මක කර අවසන් කළ යුතු ව ඇත.

මාර්තු 15 ඉඳන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් නැව් පහක්

මාර්තු 15 ඉඳන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් නැව් පහක්

එසේ වුවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වර්තමාන තාක්ෂණික කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම ව්‍යාපෘති 175 අතරින් අප්‍රමාදව අවසන් කළ යුතුව ඇති ව්‍යාපෘති 48ක වැඩ අවසන් කිරීමට හැකි වන ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන කටයුතු/විමර්ශන කටයුතු සිදු කිරීම, මූලික සැලසුම් සහ සවිස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම් සකස් කිරීම, ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම සහ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම ආදි තාක්ෂණික සේවා 2026-2027 කාලයේ මහවැලි උපදේශන කාර්යාංශය වෙතින් ලබා ගැනීමට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.  

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට සුබ පණිවිඩයක්

සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට සුබ පණිවිඩයක්