සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිකරණ නියෝගයක්
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හෙට (5) දක්වා අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇත.
බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට දින අභියාචනාදිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය කළ එම නියෝගයේ සඳහන් විය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඥානසාර හිමියන්ව අද (4) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.