“අලුත්ම iPhone 18 හිතාගන්නවත් බැරි ගාණකට ගන්න පුළුවන් රට මෙන්න” - iPhone 18 ගන්න ඉන්න ඔයාට විශේෂ පණිවිඩයක්

Report

Apple සමාගම සිය නවතම ප්‍රිමියම් ස්මාර්ට්ෆෝන් වන iPhone 18 Pro සහ iPhone 18 Pro Max සමඟින්, සමාගමේ පළමු නැමිය හැකි දුරකථනය වන iPhone Duo ද හඳුන්වා දී තිබේ.

සැප්තැම්බර් 9 වැනිදා පැවති Apple සමාගමේ නව නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවයේදී මෙම දුරකථන හඳුන්වා දී ඇති අතර, සැප්තැම්බර් 12 වැනිදා සිට පෙර ඇණවුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

ඉන්දියාවේදී iPhone 18 Pro හි 256GB මාදිලිය ඉන්දීය රුපියල් 164,900කින් ආරම්භ වන අතර, එම ධාරිතාව සහිත iPhone 18 Pro Max මාදිලිය රුපියල් 179,900ක් ලෙස මිල කර තිබේ.

512GB iPhone 18 Pro මාදිලිය රුපියල් 189,900ක් වන අතර, 512GB Pro Max මාදිලිය රුපියල් 204,900ක් වේ. 1TB iPhone 18 Pro සඳහා රුපියල් 239,900ක්ද, Pro Max සඳහා රුපියල් 254,900ක්ද වැය වේ.

සමාජ මාධ්‍ය ඇතුලේ පේන දේ වෙනස් කරන්න නව නීතියක් - ඕස්ට්‍රේලියාවෙන් අල්ගොරිතම් වෙත තද නීතියක්

සමාජ මාධ්‍ය ඇතුලේ පේන දේ වෙනස් කරන්න නව නීතියක් - ඕස්ට්‍රේලියාවෙන් අල්ගොරිතම් වෙත තද නීතියක්

ඉහළම 2TB මාදිලි දෙක පිළිවෙළින් රුපියල් 314,900ක් සහ රුපියල් 329,900ක් ලෙස මිල කර ඇත. Apple සමාගමේ පළමු foldable iPhone ලෙස හඳුන්වා දී ඇති iPhone Duo හි ඉන්දියානු මිල රුපියල් 299,900කි.

වෙනත් රටවල iPhone 18 Pro මිල රටවල් කිහිපයක මිල ගණන් සංසන්දනය කිරීමේදී iPhone 18 Pro සඳහා අඩුම ආරම්භක මිල වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

ඇමරිකා එක්සත් ජනපදය: US$1,199 - ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 1.14ක්,

ජර්මනිය: €1,449 - ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 1.61ක්

එක්සත් රාජධානිය: £1,199 – ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 1.54ක්

චීනය: CNY 9,999,ජපානය: JPY 219,800, එක්සත් අරාබි එමීර් රාජ්‍යය: AED 5,099,iPhone 18 Pro Max iPhone 18 Pro Max සඳහාද අඩුම මිල වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

එහි ආරම්භක මිල US$1,299ක්  අතර වේ. ජර්මනියේ මිල €1,599ක් වන අතර එක්සත් රාජධානියේ £1,299කි. චීනයේ CNY 10,999කින්ද, ජපානයේ JPY 239,800කින්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ AED 5,499කින්ද මෙම මාදිලිය ආරම්භ වේ.

iPhone Duo Apple සමාගමේ පළමු නැමිය හැකි iPhone වන iPhone Duo හි ආරම්භක මිල ඇමරිකාවේ US$1,999කි. ජර්මනියේ එය €2,299ක් වන අතර එක්සත් රාජධානියේ £1,999කි.

චීනයේ CNY 15,999කින් සහ ජපානයේ JPY 364,800කින් iPhone Duo අලෙවි කෙරෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භක මිල AED 8,499කි. ඒ අනුව සංසන්දනය කළ රටවල් අතරින් iPhone 18 Pro සහ iPhone 18 Pro Max සඳහා අඩුම ආරම්භක මිල ඇමරිකා එක්සත් ජනපදයේ පවතින බව සඳහන් වේ.

වසර 15කට පසු Apple සමාගමේ ලොකුම වෙනස- ජෝන් ටර්නස්ගේ මංගල නිෂ්පාදන දැක්ම සහ ශ්‍රී ලංකාවට ලැබෙන මිල ගණන්

වසර 15කට පසු Apple සමාගමේ ලොකුම වෙනස- ජෝන් ටර්නස්ගේ මංගල නිෂ්පාදන දැක්ම සහ ශ්‍රී ලංකාවට ලැබෙන මිල ගණන්