බන්ධනාගාරයක් තුළ වල දමා තිබී හමුවූ දේ..

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Sewvandhi Dec 07, 2022 02:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල - බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුළුවන ඒකකයෙහි වලදමා තිබූ ජංගම දුරකථන 5ක් හමුවී තිබෙනවා. 

 ජංගම දුරකථනවලට අමතරව, සිම්කාඩ්පත් සහ චාජර් 5 ක් සොයා ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සිරකරුවන් විසින් බන්ධනාගාර පරිශ්‍රය තුළ කාණුවක් අලුත්වැඩියා කිරීම සඳහා බිම සකස් කරමින් සිටිය දී ඊයේ (06) මෙම ජංගම දුරකථන හමුවී තිබෙනවා.

මෙම ජංගම දුරකථන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර මූලස්ථානය වෙත යොමුකර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha