TIN අංක වංචාවක් - ව්‍යාපාරිකයෙකුට දඩ

Report

රජයට නිසි පරිදි වැට් බදු පැහැර හැරීම, නීත්‍යානුකූල ලියාපදිංචියකින් තොරව බදු ඉන්වොයිසි නිකුත් කිරීම සහ ව්‍යාජ ටින්  අංකයක් භාවිත කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු වූ උඩුබද්දාව, පල්ලෙවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 30,000ක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (27) නියෝග කළේය.

මෙලෙස දඩ නියම වූයේ ‘ජනිදු කන්ට්‍රක්ෂන්ස්’ආයතනයේ හිමිකරු වන එන්. මුතුකුඩ නැමැති වගඋත්තරකාර ව්‍යාපාරිකයාටය.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මොහුට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේදී, වගඋත්තරකරු විසින් තමන් සිදුකළ වැරදි පිළිගැනීම සහ මෙතෙක් රජයට පැහැර හැර තිබූ රුපියල් මිලියන 37ක (රුපියල් කෝටි 3.7ක) හිඟ වැට් බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබීම යන කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා තුනටම අදාළව මෙම අවම දඩ මුදල නියම කළේය.

අධිකරණයේදී අනාවරණය වූයේ, අදාළ ව්‍යාපාරිකයා විසින් 2024 සැප්තැම්බර් 20 වැනිදා සිට 2025 සැප්තැම්බර් 08 වැනිදා දක්වා වූ කාලය තුළ අගය එකතු කළ බදු පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.

එහිදී ලියාපදිංචි ව්‍යාපාරිකයෙකුට පමණක් නිකුත් කළ හැකි බදු ඉන්වොයිසි ව්‍යාජ ලෙස සකස් කර, පාරිභෝගිකයන් වෙත ව්‍යාජ ටින් අංකයක් ඇතුළත් කරමින් නිකුත් කර ඇති බවට චෝදනා ගොනු කර තිබුණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම මහා පරිමාණ බදු වංචාව පිළිබඳව දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ සැකකරු සියලු වැරදි පිළිගෙන හිඟ බදු මුදල වූ මිලියන 37ක මුදල රජයට ගෙවීමට පියවර ගත් බවයි.

දිවයින පුරා සිටින මේ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

දිවයින පුරා සිටින මේ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

වගඋත්තරකරු වැට් බදු නීති පිළිබඳව පූර්ව දැනීමක් හෝ අවබෝධයක් නොමැතිව මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, නියම කළ දඩ මුදල ගෙවා අවසන් කිරීමෙන් පසු වගඋත්තරකරු නිදහස් කිරීමට නියෝග කළේය.