බස්නාහිර පළාතේ ධාවනය වන බස් නිසා සිදු වන විනාශයක් ගැන අනාවරණයක්.

Sri Lanka
By Wayomi Mar 06, 2023 11:22 AM GMT
Wayomi

Wayomi

Report

බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් 50% කින් වායු දූෂණය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසනවා.

ඔවුන් මෙය අනාවරණය කරගෙන ඇත්තේ, මෙම දෙපාර්තුමේන්තුවේ වායු විමෝචන අරමුදල කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පලවල බස් රථ අහඹු ලෙස තෝරා ගෙන සිදු කළ සමීක්ෂණයකින්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වායු විමෝචන අරමුදලේ අධ්‍යක්ෂ ඉංජිනේරු අයි. ජී. දසුන් ජනක පවසන්නේ, මෙම තත්වය බොහෝ බස් රථ වලින් ප්‍රදර්ශනය වන බවත් එවැනි බස් රථ ඇතුළු වාහන වෙන්ව හදුනාගැනීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි.

එම වැඩසටහන මගින් හදුනා ගන්නා වාහන වල ආදායම් බලපත්‍ර බාරයට ගෙන දෝෂ නිවැරදි කරගැනීමට දෙසතියක කාලයක් දෙන බවත්, මාසයකට වැඩි කාලයක් දෝෂ නිවැරදි කර නොගන්නේ නම් පොලිසිය හරහා එම වාහන හිමිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් ඔහු සඳහන් කරනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...     

JOIN NOW