යුද හමුදා සෙබළුන්ට බස් සේවා කප්පාදුවක්!

Sri Lanka Army Government Of Sri Lanka Srilanka Bus Sinhala news
By Shehan May 04, 2025 02:52 AM GMT
Shehan

Shehan

Report

මෙතෙක් ලබා දුන් සහන බස් සේවාව කප්පාදු කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව එම ප්‍රවාහන සේවාව ලබා ගත් යුද හමුදාවේ නිලධාරීන් සහ සෙබළුන් පවසති.

යුද්ධය පැවති සමයේ සිට කොළඹ සිට දුර පළාත්වල ප්‍රධාන නගරවලට මෙම සහන බස් සේවාව ක්‍රියාත්මක වූ බවත්, යුද හමුදාවේ ඉන්ධන ඉතිරි කිරීමේ අරමුණින් මේජර් ජෙනරාල්වරයෙකු ගත් තීරණයක් මත මෙම කප්පාදුව සිදු කර ඇති බවත් ඔවුහු සඳහන් කරති.

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

මෙම බස් සේවාව සතියේ දින පහේදී අලව්ව, මීරිගම, ගණේමුල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල, තෙල්දෙණිය, මහනුවර, කඳුරුවෙල, මැදවච්චිය සහ නාත්තන්ඩිය යන නගර දක්වා ලබා දී ඇත. එසේම, සති අන්තයේදී බදුල්ල, මහියංගණය, මොනරාගල සහ හලාවත නගර දක්වා මෙම බස් රථ ගමන් ගත් බව වාර්තා වේ.

නව තීරණය අනුව, මෙම නගර දක්වා සෘජු ප්‍රවාහන සේවා ලබා දීම වෙනුවට, ඔවුන්ව ළඟම දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් සැලසුම් කර ඇති බව දැනුම් දී ඇත.

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

මෙමගින් අමතර දුම්රිය ගාස්තුවක් දැරීමට සිදුවන බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, එම නිලධාරීන් සහ සෙබළුන් වැඩිදුරටත් පවසති.   

ReeCha