බස් ගාස්තු ඉහළට..?ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා මාධ්‍ය මග හරී (VIDEO)

By Sewvandhi Dec 01, 2021 02:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් හිමියන්ට අවශ්‍යව ඇත්තේ බස් ගාස්තු වැඩි කළ යුතු බවයි. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ 2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි ගාස්තු ඉහළ නැංවීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබන සතියේ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

‘අවම ගාස්තුව රුපියල් 20/- විය යුතුයි,” ඔහු අද (1) පැවසීය.

කෙසේ වෙතත්, සිදුවිය හැකි ගාස්තු වැඩිකිරීම් පිළිබඳ ප්‍රශ්න මතු වූ විට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අදහස් නොදැක්වූ අතර කැමරා මඟහැර ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW