වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු වැඩි කරයි...නව මිල ගණන් මෙන්න.

Bus fare Gamunu wijerathne
By Aruna Apr 19, 2022 08:22 AM GMT
Aruna

Aruna

Report

අද සිට ක්‍රියාත්මක වන පරිදි 35%කින් බස් ගාස්තු වැඩි කිරීමට අනුමැතිය හිමි වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (19) නිවේදනය කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, අවම බස් ගාස්තුව රු. 27/ක් බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC යන ආයතන දෙකම මේ සතියේ ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කිරීමෙන් පසුව මෙම මිල ඉහළ දමා ඇත.

මේ අතර දිවයිනේ ප්‍රධාන නගර රැසකම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

ඇතැම් බස් රථ සේවකයින් අනෙක් බස් රථවලට ද ධාවනය කිරීමට ඉඩ නොදී මාර්ග ද අවහිර කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, රඹුක්කන, අම්බලන්ගොඩ, හැටන්, හලාවත ආදී නගර රැසකම අද (19) උදෑසන සිටම විරෝධතා දියත් කෙරුණේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි.

ඇතැම් නගරවල ජනතාව සහ බස් රථ සේවකයින් ටයර් පුළුස්සමින් ගමනාගමනයට බාධා එල්ල කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ හේතුවෙන් හලාවත - කොළඹ, අවිස්සාවේල්ල - කොළඹ, මහනුවර - මහියංගනය, කොළඹ - කතරගම ඇතුළු තවත් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වුණා.

මීට අමතරව ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයෙන් සිදුකළ විරෝධතාවක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

මේ අතර, ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර නගරයෙන් අවහිර කරමින් ත්‍රිරෝද රථ හිමියන් ද විරෝධතාවක නිරත වුණා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම බස් සංගම්වල නියෝජිතයින් සදහා සාකච්ඡාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha