හෙට සිට බස් ධාවනය වැඩි වෙයි... විස්තර

By Sithumi Jun 19, 2022 11:54 AM GMT
Sithumi

Sithumi

Report

ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව ඩීසල් ලබා දීමට එකඟතාවය පළ කිරීම හේතුවෙන් හෙට සිට(20) සමස්ත බස් රථ වලින් සීයට 50 ක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. ඒ අනුව අද සිට දිවයින පුරා බස්රථ 10,000 කට අධික ප්‍රමාණයක් ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ලංගම ඩිපෝ මගින් දෛනිකව ඩීසල් ලීටර් ලක්ෂ අටක් පෞද්ගලික සහ ලංගම බස් රථවලට ලබාදීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකගත්වය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද විජේරත්න මහතා කීවේය.

මේ සතිය තුල පෞද්ගලික බස් රථ වලින් 70% කට වඩා ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

මෝටර් රථ සහ යතුරුපැදි වෙනුවට හැකිතරම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now