පැහැරගත් ලංගම රියදුරු යළිත් එයි - ඔහු හෙළි කළ දේ..
ඊයේ (24) රාත්‍රීයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටියදී පිරිසක් විසින් පැහැරගෙන ගිය මගියා එම පිරිසෙන් මිදී යළි ගම්පොළ පොලීසිය වෙත පැමිණ තිබේ.
පෞරාණික කඩුවක් සම්බන්ධයෙන් විමසමින් අදාළ පිරිස තමාව කොළඹට පැහැරගෙන ආ බවයි, ඔහු පොලීසියට පවසා ඇත්තේ.
ගම්පොල සිට මාවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ජයමාලපුර ප්‍රදේශයේදී හරස් කොට එහි ගමන් ගත් රියදුරෙකුට තියුණු ආයුධයකින් පහරදී ඉන් අනතුරුව පැහැරගෙන ගොස් තිබුණි.
අවසානයේ පිහි ප්‍රහාරවලින් තුවාල ලැබූ මගියාව වෑන් රථයට දමාගෙන පැහැර ගෙන යාමටද අදාළ පිරිස කටයුතු කර තිබුණි. පැහැර ගැනීමට ලක්වුණේ ගම්පොළ ඩිපෝවේ රියදුරෙකු වන 46 හැවිරිදි හේමන්ත රාජපක්ෂ යන පුද්ගලයෙකි.ඔහු සිය රැකියාව සඳහා පිටත්ව යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබුණි.
පොලීසිය දැනට අනාවරණය කරගෙන ඇත්තේ පැහැර ගැනීමට පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිට ඇති බවය.
අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රීයේම ඇතුළත්ව ඇත.
