"..මාර සතුටුයි මල්ලි ජීවිත දෙකක් බේරගන්න ලැබුන එක නම්.." ජිවිත දෙකක් බේරා ගත් මනුස්සකම - මෙරටින් ඇසෙන සමාජ මාධ්‍යය කැලැබූ පුවත මෙන්න..(PHOTOS)

Sri Lanka
By Sewvandhi Aug 15, 2022 03:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

"කොන්දොස්තර අපේ මහේෂ් මල්ලි තමා මට ඇවිත් කිව්වේ "අයියේ ප්‍රෙග්නන්ට් ගෑණු කෙනෙක්ට හොඳටම අමාරුයි" මග කොහෙවත් නවත්තන්න එපා හොස්පිටල් එකටම පාගන්න කියලා..." මේ කතාව අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයෙන්. උතුම් මිනිස්සුන්ගෙ උතුම් වැඩක් ගැනයි මේ කතාව. කියවලාම බලන්නකො මොකක් ගැනද මේ කියන්නෙ කියලා...

"බස් එකේ ඉස්සරහ එක ටයර් එකක් ටිකක් ගෙවිලා තිබ්බ නිසාම මම කොන්දොස්තර මල්ලිටත් කිව්වා "මල්ලි අද රේස් යන්න නම් බෑ බං,විනාඩි දෙකක් කලින් අදිමු කියලා" එහෙම කිව්වට හිමීට එන්න හම්බුන්නෑ මල්ලි.. අර අම්මට බස් එකේම අමාරු උනා... සෙන්සර් බස් එකනේ මල්ලි,මීටරේ 120ට තිබ්බට කට්ට හේත්තු වෙනකොට 130ට වගේ එනවා..මම කට්ට හේත්තු කරන් ආව ඒමට හොස්පිටල් එකටම බස් එක දැම්මේ... හොස්පිටල් එකෙන් බස් එක එලියට ගන්න රිවස් කරන්නවත් හම්බුනේ නෑ.. දරුවා හම්බ උනා කියලා පණිවිඩේකුත් ආවා... ඒ කරලා මම ආයේ හරවන් ගියා මල්ලි මිනිස්සුන්ව බස්සන්න... කොන්දොස්තර අපේ මහේෂ් මල්ලි තමා මට ඇවිත් කිව්වේ "අයියේ ප්‍රෙග්නන්ට් ගෑණු කෙනෙක්ට හොඳටම අමාරුයි" මග කොහෙවත් නවත්තන්න එපා හොස්පිටල් එකටම පාගන්න කියලා... මාර සතුටුයි මල්ලි ජීවිත දෙකක් බේරගන්න ලැබුන එක නම්... බස් රථයේ රියදුරු ලෙස කටයුතු කල Manjula Sri අයියා කිව්ව කතාව..."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

  

GalleryGalleryGallery