බස් රියදුරට අසනීප වී බස් රථය පාලනයෙන් ගිලිහී අනතුරක්
මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියදුරුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනයෙන් ගිලිහී ගිය බස් රථය, මාර්ගයේ විරුද්ධ දිශාවට ඇදී ගොස් අසල තිබූ නිවසක ගැටී නතර වී තිබේ.
මෙම අනතුරෙන් බස් රථය තුළ සිටි මගීන්ට හානියක් සිදුවී නොමැති වුවද, මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක බස් රථය ගැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාලකරුවන් වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මොරටුව පොලිසියේ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.