දෙදින රාජ්ය සංචාරයකට වියට්නාම ජනාධිපති දිවයිනට
වියට්නාම ජනාධිපතිවරයා දෙදින රාජ්ය සංචාරයක් සඳහා ලබන 07 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව සිදුවේ.
සංචාරය අතරතුරදී, වියට්නාම ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ඇතුළු රටේ ප්රමුඛ දේශපාලන නායකයන් සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය සහ ආර්ථික, වාණිජ හා ආයෝජන ක්ෂේත්ර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, සංචාරයේ අවසන් දිනය වන ලබන 08 වැනිදා ඔහු ශ්රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් කිරීමටද සැලසුම් කර ඇත.