දකුණු ලෙබනනයේ සූර්ය පැනලවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාර - ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්
දකුණු ලෙබනනයේ සිවිල් වැසියන්ට අයත් සූර්ය පැනල පද්ධති සහ යටිතල පහසුකම් ඊශ්‍රායල හමුදාව විසින් හිතාමතා විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
ඊශ්‍රායල හමුදා මෙම විනාශය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පවා එම ආයතනය විසින් ප්‍රසිද්ධ කර ඇති අතර, මෙය ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ සිවිල් දේපළවලට මෙලෙස හානි කිරීම යුද අපරාධ (War Crimes) ගණයට අයත් විය හැකි බවයි.
මේ හේතුවෙන් ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවට ඔවුන් බලකර සිටියි.