බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළෙයි - 38ක් ජීවිතක්ෂයට (විදෙස්) - (VIDEO)

By Sewvandhi Nov 15, 2023 11:39 AM GMT
Report

ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රාන්තයේ සිදුවු බස් අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.

එම අනතුර සිදුවී ඇත්තේ, මගීන් 55 දෙනෙකු රැගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙනි.

තුවාල ලැබුවන් රෝහල්ගත කිරීම සඳහා හෙළිකොප්ටර් යානා ද යෙදවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබු බවද සඳහන් වෙයි.

එම අවස්ථාවේ දර්ශන පහතින්..