බස් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..අද උදේ සිදු වූ දේ.(PHOTOS)
By Aruna
බදුල්ල - පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් සහිත ප්‍රදේශයකට ගමන් කිරීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.
කොළඹ සිට පස්සර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි, පස්සර පොලිසිය සදහන් කළේ.
පොලිසිය සදහන් කළේ, තුවාල ලැබූවන් පස්සර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. බස් රථයේ රියදුරට නින්ද යාම මෙම අනතුරට හේතු වී තිබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
You May Like This Video


