අද උදෑසන බස් අනතුරු 04ක්..විශාල පිරිසක් තුවාල ලබයි..06ක් මරුට.(PHOTOS)

Sri Lanka Police Colombo Accident Death
By Aruna Oct 06, 2023 04:00 AM GMT
Aruna

Aruna

Report

කුලියාපිටිය - කරන්තිප්පල ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරෙන් සිසුන් 15ක් ඇතුළු 25 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර, කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට උත්සාහ කරමින් ඇති බවද වාර්තා වෙයි.

පුද්ගලයින් 05 දෙනෙකු මිය ගිය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.


මේ අතර, මීරිගම - මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද(06) උදෑසන සිදුවූ අනතුරකින් බස් රථ රියදුරා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු පුවතක් වාර්තා වනවා.

මේ අතර, මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී ලොරි රථයක් පෞද්ගලික බස් රථයක් හා ඉන්ධන බව්සරයක් එකිනෙක ගැටීමෙන් අද(06) උදෑසන 5.00 ට පමණ තවත් අනතුරක් සිදුවුණා.

මෙම අනතුරෙන් 22 දෙදෙනෙකු පමණ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කෙරුනා.

මෙම අනතුරු වලට අදාල ඡායා රූපයන් පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha