බ්‍රදර් චාල්ස් නිසා හිමිනමකගේ ගරුනම්බු නාම ඉවරයි
By Mithu
මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා ඇත.
ඒ බව විහාරාධිපති හිමියන් වෙන ලිඛිතව දැනුම් දී ඇත. මෙයට හේතු වී ඇත්තේ මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහනක් එම විහාරස්ථානයේ දී පැවැත්වීමට පියවර ගැනීම්යි.