ශ්‍රී ලංකාව නිසා චීන – ඇමරිකා හොඳ හිත් නැති වෙයි..?

By Sewvandhi Nov 06, 2021 01:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇමරිකාව සහ චීනය අතර විවිධ මතගැටුම් පසුගිය කාලසීමාව මුළුල්ලේම දක්නට ලැබුණා. එවන් පසුබිමක ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට චීන රජය සැලසුම් කළ බව දැක්වෙන අමෙරිකානු වාර්තාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

“A thief believes everybody steals.” (සොරෙකු විශ්වාස කරන්නේ හැමෝම සොරකම් කරන බවයි ) ලෙස එම ට්විටර් පණිවුඩය ආරම්භ කර ඇත්තේ දැඩි විවේචනයක්ද සමගයි.

අමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේ තිබූ හමුදා කඳවුරු ඉවත් කර ගත්ත ද, මූල්‍යමය, දේශපාලනමය, සමාජමය සහ පාරිසරික ආදී විවිධ ආකාරයෙන් කඳවුරු බඳිමින් සිටින බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන්.

චීනය ලෝකයේ විවිධ දිශාවනහි හමුදා බලය තහවුරු කර ගැනීමට උත්සහ දරන බවයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් Military and Security Developments Involving the People’s Republic of China නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery
ReeCha