දැන් මේ තරම් අඩු ගාණකට මේ අයටත් ලයිසන් එක ගන්න පුළුවන්

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයෙන් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකුට රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ ඉකුත් 3 වන දින මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් ස්ථාපිත කිරීමත් සමඟයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

එසේම මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ ඉකුත් 7 වන දින බවයි.

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා සංචාරක රියදුරන්ගේ එකමුතුව විසින් මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක් වැනි සුළු මුදලකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන විරෝධය පළ කරන බව වාර්තා වේ.

ඒ අනුව එහි නියෝජිත අමිල කෝරලගේ මහතා මේ නිසා එම රැකියාවේ නිරත පිරිස් සඳහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි