මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

Report

ප්‍රධාන මූල්‍ය සමාගමකට අයත් පානදුර ශාඛා කාර්යාලයක කාන්තාවන් වැසිකිළියට යන දර්ශන විඩියෝ ගතකළ පුද්ගලයකු පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මෙම සැකකරු එම කාර්යාලයේම සේවය කරන අයෙකු බවත් එහි ලිපිකාරිනියක් ඊයේ (19 වැනිදා ) දින වැසිකිළියට ගිය විට සැකකරු විසින් ජංගම දුරකථනයෙන් විඩියෝ කරන අයුරු දැක තිබෙන බැවින් පසුව පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

මේ අතර මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කළේ සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කාලයක පටන් කාන්තාවන් වැසිකිළි යන දර්ශන වීඩියෝ කර තිබී හමුව ඇති බවයි.

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

ඒ අනුව අඳාළ සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් මෙම පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි