ලෝක විවාහක රූ රැජින තරගයෙන් ලංකාවට ලැබුණු තැන..පුෂ්පිකා නැවතත් Reject වෙලාද..? හදිසියේම පුෂ්පිකා සමාජ මාධ්‍යට නිකුත් කළ පණිවිඩය..! (PHOTOS)

By Sewvandhi Jan 16, 2022 11:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා එම තරගයෙන් සිව් වන ස්ථානය දිනාගෙන තිබෙනවා. 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේදී ඊයේ පැවැති අතර එහි පළමු ස්ථානය දිනා ගැනීමට ඇමරිකාවේ ශයිලින් ෆෝඩ් සමත් වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණි අතර, ඒ පිළිබඳව ඇය සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක් කර තිබෙනවා.

මෙවර ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් පළමු ස්ථානය ලබා ගැනීමට අමරිකාව නියෝජනය කළ තරඟකාරිනියයි.   රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය කරමින් තරඟකාරියන් එක්ව සිටියා.

මෙවර පැවැත්වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරඟය යි.   ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා එක්ව සිටියා. 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වන පුෂ්පිකා ජාත්‍යන්තරයේම කතාබහට ලක් වන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැළැඳීමත් සමග යි.  

මේ අතර, මෙම තරගයේදී ඇය තමන්ට හිමි ස්ථානය ගැන සඳහන් කරමින් ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා.

  එය පහතින්..  

මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, "හතරවෙනි ස්ථානය" ලබාගන්නට සමත් වුනෙමි.  

තරගය ජයග්‍රහණය කළ පලමු දෙවන තෙවන ස්ථානය ලබා ගත් විවාහක රූ රැජිණියන්ට මගේ සුභාසිංශන එක් කරමි.   මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.  

එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුලු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.  

- පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ 2021


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery