මහා පරිමාණ දූෂණ වංචා හෙළි කරන සාක්ෂිකරුවන්ට අල්ලසෙන් ආරක්ෂාව

Report

මෙරට සිදුවන විවිධ මහා පරිමාණ අල්ලස් සහ මූල්‍ය දූෂණ ක්‍රියා පිළිබඳව නිවැරදිව තොරතුරු හෙළිදරව් කරන සහ සාක්ෂි සපයන සිවිල් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ පියවර ගෙන තිබේ.

ප්‍රබල දේශපාලනඥයන් ඔවුන්ගේ සමීප පවුල්වල සාමාජිකයන් ඇතුළු විවිධ හිතවතුන් සහ රජයේ අතිශය ඉහළ තනතුරු දරන පුද්ගලයන් ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස් විසින් සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි ගණනින් යුත් දූෂණ ක්‍රියා පිළිබඳ අනාවරණය කරමින් ඒවා නිල වශයෙන් හෙළිදරව් කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට අල්ලස් කොමිසම එලෙස නව පියවරගෙන ඇත.

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන

දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ඇතැම් බලපෑම් සහගත පිරිස් විසින් සිදුකරන ලදැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ සමාජය තුළ නිරන්තරයෙන්ම විශාල කතාබහක් නිර්මාණය වී තිබුණ ද ඒ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට පොදු මහජනතාව යම් බියක් දක්වන බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු ප්‍රකාශ කර සිටියි.

එලෙස ජනතාව බියක් දක්වන්නේ අදාළ බරපතළ චෝදනා එල්ල වන පුද්ගලයන් සමාජයේ ඉහළ ප්‍රභූ පන්තියේ පිරිස්වීම හේතුවෙනි.

නමුත් ඕනෑම මහා පරිමාණ අල්ලසක් හෝ රාජ්‍ය දේපල දූෂණයක් පිළිබඳව වගකීමෙන් යුතුව පැමිණිලි කරන සහ ඊට අදාළව නීත්‍යානුකූලව සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙන්ම ජීවිත ආරක්ෂාව රැකගැනීම සඳහා මේ වනවිට අල්ලස් කොමිසම මගින් අවශ්‍ය සියලුම නෛතික ක්‍රියාමාර්ග සහ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබේ.

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

රුපියල් කෝටි ගණනින් සිදුවන මෙවැනි රාජ්‍ය දූෂණ ක්‍රියාවන් පිළිබඳ හෙළිදරව් කරන යම් කිසි පුරවැසියකුගේ ආරක්ෂාව පිළිබඳව ඉදිරියේදී යම් ගැටලුවක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත නිල වශයෙන් දැනුම් දෙනු ලබයි.

ඉන් අනතුරුව අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ විශේෂයෙන් කටයුතු කරන පළපුරුදු ආරක්ෂක නිලධාරීන්ගේ පූර්ණ රැකවරණය එම පැමිණිලිකරුවන්ට ලබාදීමට සුදුසු පරිදි කටයුතු කෙරේ.

එමෙන්ම විදෙස්ගතව සිටින යම් සාක්ෂිකරුවකු මේ සඳහා සාක්ෂි දීමට ඉදිරිපත් වන්නේ නම් ඔහු නැවත මෙරටට පැමිණෙන මොහොතේ සිටම ගුවන්තොටුපළේදීම අවශ්‍ය කරන සියලුම විශේෂ ආරක්ෂාවන් අඛණ්ඩව ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ද අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.