වහාම, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වෙයි.. ජනපති අනුරට භාරත් දීලා?..

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Latest Headlines AKD
By krishani Oct 07, 2024 01:12 PM GMT
krishani

krishani

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඊට අදාළ ලිපිය අද (07) ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් සඳහන් වේ.

ඒ බව ඔහුගේ නීතිඥවරු විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළේ ය.

දාහේ කොළ අරගෙන කට්ටියක් නෙළුම් මාවතේ පෝළිමේ.. තිස්ස කුට්ටිආරච්චිත් හැටට හැටේ එතනට පාගලා..(VIDEO)

දාහේ කොළ අරගෙන කට්ටියක් නෙළුම් මාවතේ පෝළිමේ.. තිස්ස කුට්ටිආරච්චිත් හැටට හැටේ එතනට පාගලා..(VIDEO)


ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා යළිත් අධිකරණ සේවයට එක්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි සඳහන් කළේ ය.

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..


එමෙන්ම, අධිකරණය කළ විමසීමකදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පස්වරු 3.00ට ජනාධිපතිවරයා වෙත භාර දෙන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන් අතර වගඋත්තරකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බැවින් අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට අවශ්‍ය නොවන බවත් පාර්ශ්වකරුවන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, සමාජ ක්‍රියාකාරිකයකු වන විදුර රැළපනාව සහ මාධ්‍යවේදනී රුවනි ෆොන්සේකා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙන්න මේ අයට.. වහාම ස්ථාන මාරු වීම්.. වැඩ බලන පොලිස්පති දුන් නියෝගය මෙන්න..(PHOTO)

මෙන්න මේ අයට.. වහාම ස්ථාන මාරු වීම්.. වැඩ බලන පොලිස්පති දුන් නියෝගය මෙන්න..(PHOTO)


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. කේ විජේරත්න මහතා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත එවක ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.