රාගම රථ වාහන අංශයේ ස්ථානාධිපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - හේතුව මෙන්න
රාගම පොලිස් වසමේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. රාගම පොලිස් වසමේ සතිපොළක ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කර ගැනීමට රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වී මෙලෙස උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම, රාම්පිටිය සහ කැටිගේවත්ත පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු, රාගම සතිපොළ මධ්‍යයේ කුකුළු මස් අලෙවිසලක් පවත්වාගෙන යන අතර, මෙම ව්‍යාපාරික කටයුතුට ඉඩදීම වෙනුවෙන් සතියකට රුපියල් 5,000 බැගින් අල්ලස් මුදල් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව සති දෙකක් සඳහා එකතුවන මුදල රුපියල් 10,000කි. ඒ අනුව අල්ලස් මුදල් ලබා දීමේ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරු කොටු කර තිබේ.
සැකකරු පොලිස් වාහනයක සහ රථ වාහන රාජකාරියේ නිරත වූ නිලධාරියා ලෙස පැමිණ ඇති අතර, වයස 58ක් බව සඳහන් වේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් නිලධාරියා අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැඩිදුර පරීක්ෂණ පවත්වානු ඇත.