මේ දඬුවම දැක්කාම නම් ආයෙම මේ වැරැද්ද හීනෙන්වත් කරන එකක් නැ... අවු 28ක්..
විදේශයක සිට මෙරටට ගෙන්වන ලද ආරක්ෂිත කැමරා තොගයක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 11000/- අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතල වැඩ සහිත වසර 28ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07කින් ගෙවී යා යුතු බව නියෝග කර තිබෙනවා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 31000/- දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11000/- ක අල්ලසක් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි. ඒ අනුව විත්තිකරුට මෙම දඩවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.(උපුටාගැනීමක්)
You may like this video 👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)