පොලිසියට අල්ලස් දුන් දෙදෙනෙකු දැලේ
නිකවැරටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකුට රුපියල් 20,000ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එයට ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කරන ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවන් දෙදෙනෙකු, එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලෙසට ඉල්ලා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව නිවේදනයක් නිකුත්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඔවුන් ඊයේ (6) ප.ව. 4.00ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙළෙඳසැලක් තුළදී හා පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
