බ්‍රයන් තෝමස්ට චෝදනා ගොනු කරයි.

CID - Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court
By Hashini Oct 06, 2023 06:10 AM GMT
Hashini

Hashini

Report

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව නීතිපතිවරයා ඊයේ (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ නිමි ඇඳුම් ගණුදෙනු සඳහා කෝටි 144කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ විමර්ශනයක් අනුව නීතිපතිවරයා මෙම නඩුව අධිකරණය හමුවේ පවරනු ලැබීය.

පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනේ මියගිය ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා විසිනි.

අධිකරණය හමුවේ අගරු චෙක්පත් විස්සක් සම්බන්ධයෙන් නඩු හතක චෝදනා දහයක් ගොනු කර තිබෙනවා. 

බ්‍රයන් තෝමස් අධිකරණ හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවයි.

මෙම නඩු පවරා ඇත්තේ 2017 වර්ෂයේ සිදු වූ ගණුදෙනු සම්බන්ධයෙනි.

මෙම චෙක්පත් සැකකරු විසින් පුද්ගලික නිමි ඇඳුම් හලකින් අපනයනය කිරීම සඳහා නිමි ඇඳුම් ලබාගෙන අවස්ථා 20කදී ලබා දී තිබෙනවා.

මෙම නඩුව ගොනු කර ඇත්තේ සැකකරුට එරෙහිව ණය ආපසු අය කර ගැනීමේ පනත යටතේය.

නඩු සියල්ල විභාග කිරීම නොවැම්බර් මස දෙවැනි දිනට කල් තබනු ලැබුවේ බ්‍රයන් තෝමස් විසින් එල්ල කර ඇති චෝදනා සියල්ලටම ඔහු නිවැරදි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. 

ReeCha