පෙම්වතා විසින් සුරූපී පෙම්වතියව දූෂණය කර කෑලි 50කට කපාදමයි..කෝච්චියේ ගිය ගමන කැලෑවකින් අවසන් වූ හැටි මෙන්න..සංවේදී සිදුවීමක්(PHOTOS)
ඉන්දියාවේ කුන්ටි දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක දී පෙම්වතා විසින් සිය පෙම්වතියගේ ගෙල සිරකර තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇයගේ සිරුර කොටස් 40ත් 50ත් අතර ප්‍රමාණයකට කපා වන සතුන්ට කෑම සඳහා කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
25 හැවිරිදි මෙම පුද්ගලයා තමිල්නාඩුවේ මස් කඩයක සේවය කරන අයෙක් බවයි අනාවරණය වන්නේ.
මෙම සිද්ධියෙන් දෙසතියකට පමණ පසු මෙම ඝාතනය අනාවරණය වී ඇත්තේ, මිනිස් සිරුරු කොටස් සමග බල්ලෙකු එම ප්‍රදේශයේ සැරිසරනු දැකගැනීමට හැකිවීමෙන් පසුවයි.
තරුණයා වසර කිහිපයක සිට මියගිය 24 හැවිරිදි තරුණිය සමග සම්බන්ධතාවයක් පවත්වා තිබෙන අතර, ඔහු ඇයට කිසිවක් නොපවසා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පොලිසිය පවසන්නේ, ඔහුගේ විවාහය පිළිබඳ නොදන්නා තරුණිය ඔහුට නැවත ඇයගේ ප්‍රදේශයට පැමිණෙන ලෙස බලපෑම් කර ඇති බවය.
වාර්තා සඳහන් කරන අන්දමට ඔවුන් දුම්රියකින් ඔහුගේ ගමට ගොස් ඇති අතර, ඔහු ඇයව දූෂණය කිරීමෙන් පසුවයි ඝාතනය කර ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම කාන්තාව දුම්රියට නැග සිය පෙම්වතා සමග ජීවත් වීමට යන බව මවට දන්වා ඇති බව පොලිසිය පවසයි.
සිරුරේ කොටස් ගොඩගැනීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ බඩු බාහිරාදිය සහිත බෑගයක් ද කැලෑවේ තිබී සොයාගෙන තිබෙන අතර, කාන්තාවගේ මව එම බඩු සිය දියණියගේ බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම අපරාධය පිටුපස සිටින පුද්ගලයා පිළිබඳව මව සැක කර ඇති අතර, ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කාන්තාව කැබලිවලට කපා දැමූ බව පිළිගෙන තිබෙන බවයි.
You May Like This Video