බොරැල්ල වෙඩි - තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඇති සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරමින් සිටින අතර, මෙම වෙඩිතැබීම 2025 ජුනි 04 වැනිදා සිදුව තිබුණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, මෙම අපරාධයට ආධාර හා අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (ජුලි 04) රාත්‍රී කාලයේදී බොරැල්ල සිරිසර උයන සහ වැල්ලම්පිටිය සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනි ලද සැකකරුවන් වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පොලිසිය පවසන පරිදි, එක් සැකකරුවෙකු මෙම අපරාධයට යොදාගත් යතුරුපැදියේ රියදුරු ලෙස කටයුතු කර ඇත.
මේ වන විට මෙම අපරාධයට අදාළව සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
