බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට

Report

පසුගිය 7වන දින බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද කාලගුණය මෙච්චර දරුණුද? හැමෝම පරිස්සම් වෙන්න

අද කාලගුණය මෙච්චර දරුණුද? හැමෝම පරිස්සම් වෙන්න

මෙම සැකකරුවන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 24, 25 සහ 40 වන බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට මින් පෙර අයෙක් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට දින තුනක රැදවුම් නියෝග ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

මෙම වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කල අතර වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, එහිදී තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල්ගත කළේය.

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

පසුව ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත.

අදාල වෙඩි තැබීමේ සිද්ධිය පිලිබදව මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ.