බූස්ටර් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක්

By Sithumi Dec 13, 2021 11:00 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබේ.

පසුගිය සතියේ රැස්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව තීරණ රැසක් ගෙන තිබුණි. ඒ අනුව මෙරට වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ. එමෙන්ම වයස අවුරුදු 16ට වැඩි මේ දක්වා එක් ෆයිසර් මාත්‍රාවක් ලබාගත් දරුවන්ට මාස 3කට පසු තවත් ෆයිසර් මාත්‍රාවක් ලබාදීමටද විශේෂඥ කමිටුව තීරණය කර තිබුණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා පවසා සිටියේ, එක් එන්නතක් අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට මැලිකමක් දක්වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද වෛද්‍ය මහාචාර්ය ශාමන් රජේන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය මහාචාර්ය ශාමන් රජේන්ද්‍රජිත් මහතා, "ඉදිරියට එන්නේ රටේ උත්සව සමයක් මේ උත්සව සමයේ දී අපි ළමුන් වෙනුවෙන් කළ යුත්තේ, තෑගි අරන්දීමට වඩා වැදගත් වෙන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීමයි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. එම නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ළමුන් ආරක්ෂා කරගන්න වැඩිහිටියන් ට විශාල වගකීමක් තියෙනවා. වැඩිහිටියන් පරිස්සම් වීම තුළින් ළමුන්ව ආරක්ෂා කරගන්න පුළුවන්.

නත්තල් සමය සහ නව අවුරුදු සමයේ දී ඒ්කරාශීවීම් අවම කර ගැනීම, තැන්තැන්වල ඇවිදීම, ට්‍රිප් යෑම ගැනත් ගොඩක් කල්පනා කරන්න දෙයක් කරන්නට ප්‍රථම. අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන්ට එක එන්නත් මාත්‍රාවක් ලබාදීමට බෝවන රෝග වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුවේ අනුමැතිය ලැබුණා. ඊට අමතරව අවුරුදු 15ත් 19ත් අතර ළමුන්ට එක එන්නතක් ලබාදුන්නා පසුගිය කාලයේ දී. ඒ එන්නත ලබාගත් අයට මාස තුනකට පසු දෙවන මාත්‍රාව ලබාදීමටත් අපි කමිටුවේ දී තීරණය වුණා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කායික විශේෂඥවරු ඉල්ලීමක් කරලා තිබුණා.

එයට ප්‍රතිචාරයක් ලෙස කමිටුව අනුමැතිය ලබාදුන්නා දෙවන එන්නත ලබාදීමට. ඒ අනුව පළමු එන්නත ලබාදීලා මාස 3කට පසුව පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාගන්න පුළුවන්. අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ටත් ෆයිසර් එන්නතම යෝජනා කළා. ෆයිසර් එන්නත් ප්‍රමාණවත් ලෙස රජය සතුව තිබෙනවා. ඊට අමතරව අවුරුදු 30ත් 60ත් අතර අයටත් එන්නත් ලබාගත් අයට බුස්ටර් මාත්‍රාව ලබාදෙනවා. එය ඉතා වැදගත්. අවුරුදු 60 ඉක්මවු අය බුස්ටර් මාත්‍රාව ලබාදීමේ දී මැලිබවක් දක්වනවා. 

අපි බලාපොරොත්තු තරම් අපේ වැඩිහිටි අය එන්නත් ලබාගන්න එන්නේ නැති බැවින් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා බුස්ටර් එන්නත ලබාගන්න කියලා. එය ඉතාමත් වැදගත්. ඒ තුළින් කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට අවස්ථාව හිමිවෙනවා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now