තුන්වෙනි මාත්‍රාව නොගත් අයට ඉදිරියේදි වෙන දේ මෙන්න.. හඳුනා ගන්න ක්‍රමයකුත් එයි (VIDEO)
පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ඇප් එකක් වැනි දෙයක් හඳුන්වාදීමට කටයුතු කරමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
"පොදු ස්ථානවලට ඇතුළු වෙන අයට සම්පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමේ දිනය අප්‍රේල් 30 වනදායින් ක්‍රියාත්මක වෙනවා. එදිනෙන් පස්සේ එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා." "ඒ සඳහා අවශ්‍ය අනෙකුත් කරුණු කාරණා අපි මේ දිනවල සකස් කරගෙන යනවා. ජනතාවට පහසු ඇප් එකක් වගේ දෙයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා."
"ඒ තුළින් ඔවුන් පූර්ණ එන්නත්කරණයට ලක්වෙලා ද නැද්ද කියන එක හඳුනාගන්න පුළුවන්." පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමට නීතිමය හැකියාවක් තිබේද? ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේ,
"තමාට යුතුකමක් තිබෙනවා සමාජගත වෙනකොට අනෙකාට හානිකර තත්ත්වයක් ඇති නොකර සිටීමට. 15වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ අන්න එතනදි."
දර්ශන - අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |