හදිසියේම මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්.
By Wayomi
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, අනුව එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට ඇති අතර නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා ඇත.
මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින අතර අද (02) පෙරවරු 10.00 පමණ එම දුරකථන ඇමතුම ලැබී තිබුනා.
කෙසේ වෙතත් මෙම දුරකථන ඇමතුම කිසියම් පුද්ගලයකුගේ ව්‍යාජ දුරකථන ඇමතුමක් බවට අනාවරණය වුවහොත් තොරතුර ලබාදුන් දුරකථන අංකය ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඉහළ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ.