ගමක් කම්පා කරමින් අම්මා සොයාගිය දරු දෙදෙනාගේ සිරුරු හමුවෙයි - (VIDEO)
බෝගොඩ ඔයේ තිබිය දී, හාලිඇළ බෝගොඩ ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.
ඊයේ (23) පස්වරුවේ ප්‍රදේශයේ කුඩා දිය පහරකින් එගොඩවීමට උත්සාහ කිරීමේදී එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා තිබුණි. දැරියගේ සිරුර ඊයේ රාත්‍රියේ ද පිරිමි දරුවාගේ සිරුර අද (24) පෙරවරුවේ ද සොයාගත් බව පොලීසිය සදහන් කරනවා.
තම මව නිවසට නොපැමිණීම හේතුවෙන් 10 හැවිරිදි පිරිමි දරුවා (අයියා) සහ 07 හැවිරිදි දැරිය (නංගී) මව සොයා ඊයේ පස්වරුවේ නිවසින් පිටවූ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.තේ දළු නෙලා යළි නිවසට පැමිණි මව දරුවන් නොමැතිවීම පිළිබඳ සොයාබලා ඇති අතර පසුව ප්‍රදේශවාසීන් ද එකතුවී දරුවන් සොයා තිබුණි.
එහිදී ඔවුන්ගේ කුඩයක් සහ හිස් වැසුමක් දියපහර ආසන්නයේ තිබී ප්‍රදේශවාසීන් විසින් සොයාගැනීමෙන් පසු දරුවන් දියපහරට ගසාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබුණි. සිරුරු බදුල්ල රෝහල වෙත යොමු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
