අම්පාර අනතුරේ පැන ගොස් ඇතැයි සිතු ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙයි...පැනගිය එක් සහයකයෙක් පොලිසියට ..

Ampara Sri Lanka Death Floods In Sri Lanka
By Piyumika Nov 28, 2024 09:53 AM GMT
Piyumika

Piyumika

Report

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව කාර්තිව් පොලීසිය සඳහන් කළේය.

ට්‍රැක්ටර් රථය රළ පහරට හසු වන විට එහි රියදුරු සමග ඔහුගේ සහයකයින් දෙදෙනෙක් ගමන් කර තිබූ අතර, එක් අයෙකු අතර මගදී පැන ගොස් තිබුණා.

අනේ අපොයි වැහි කරදර අස්සේ මෙහෙම හෙණ ගෙඩියකුත් පාත් උනාම කොහොමද..

අනේ අපොයි වැහි කරදර අස්සේ මෙහෙම හෙණ ගෙඩියකුත් පාත් උනාම කොහොමද..

මේ අතර, ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ අනෙක් සහයක  පුද්ගලයාගෙ  මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.

එහෙත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

[FPZI1IM ]

මේ අතර අයහපත් කාලගුණ තත්වය අතරතුර වව්නියාව, මහකච්චාකොඩිය වැවේ වාන් දැමීම නැරඹීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ත්‍රිකුණාමලය යාන්ඔය ගඟේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ද බෝට්ටුවක් පෙරළී යාමෙන් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

ආපදා තත්ත්වයෙන් සිදුවු මරණවලින් වැඩි සංඛ්‍යාවක් අනතුරුදායක තත්ත්වය නොසලකමින් කටයුතු කිරීම හේතුවෙන් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා පැවසුවේය.


You may like this video

ReeCha